Spread the love

වෙළඳපළේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 45 සීමාවේ පවතී.

ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවී ඇත.

බිත්තර මිල පිළිබඳව තීරණ ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බවත් බිත්තර මිල ගණන් ඉහළ යාමට හේතුව කුකුළු ආහාර මිල ඉහළයාම බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් බිත්තර වෙළඳුන් පවසන්නේ ගොවිපළ රැසක ප්‍රමාණවත් බිත්තර නොමැති වීම නිසා ඔවුන් විසින් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය