Spread the love

යාපනය කොඩිකමම් ප්‍රදේශයේ කුඹුරක ගොවිතැන් කරමින් සිටි තරුණයෙකු ඊයේ (13) දින සිදු වූ පිපිරීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි කොඩිකාමම් පොලීසිය පැවසීය.

අදාල තරුණයා සිය කුඹුරෙහි වැට සකස් කිරීම සඳහා පොළව හාරමින් සිට ඇති අතර ඒහිදී සිදුවූ පිපිරීමකින් මෙම තරුණයා බරපතල තුවාල ලබා කොඩිකාමම් රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

අදාල පිපිරීම සිදුවූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ යුද සමයේදී වල දමන ලද බෝම්බයක් මෙලෙස පුපුර යන්නට ඇතැයි සැක පල කරන බවටය.

පිපිරීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි විල්වරාසා දනූෂණ් නැමැත 19 හැවිරිදි තරුණයෙකු වන අතර කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.