Spread the love

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී සති දෙකක කාලයක් ඇතුළත රුපියල් කෝටි පනස් තුන්දහස් නවසීයක ණය ලබාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම හරහා මෙසේ ණය ලබාගෙන ඇති බවටද ඔහු පැවසුවේය.

තමන් විසින් කලින් කරන ලද ප්‍රකාශ සත්‍යයක් බවට පත්කිරීමට බැරි ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත් වී ඇතැයිද හෙතෙම කියා සිටියි.

ආණ්ඩුව බලයට පැමිණි දින සිට පවත්වන ලද සංදර්ශන සියල්ල අද වන විට අවසන් වී ඇති බවද පැවසූහු වාහන සංදර්ශනය බිත්තර සංදර්ශනය එසේ අවසන් වී ඇතැයි ද පැවසුවේය.

ඇතැම් අමාත්‍යාංශ සහ ඇතැම් ආයතනවලට පත් කර ගැනීමට පුද්ගලයන් පවා නොමැතිව ආණ්ඩුව අපහසුතාවයට පත් වී සිටින බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.