Spread the love

ජාතික ජනබලවේගයේ මහනුවර අංකුඹුරේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිටදී අවසරයකින් තොරව එහි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍යයට මුදා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදා ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් තල්ලු කිරීමෙන් ඇදවැටී රෝහල්ගතව සිටි ව්‍යාපාරිකයකු ඊයේ (11) මිය ගොස් ඇතැයි අංකුඹුර පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අංකුඹුර, ගල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රූම් (54) නමැති ව්‍යාපාරිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.