Spread the love

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අභයරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වදී.

සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා ඇය රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවට අත්සන් තැබුවාය.

වරප්‍රසාද සියල්ල කපා දමන බවට ප්‍රකාශ කරන පසුබිමක තමන් පෙරමුණට පැමිණියේ ජනතාව වෙනුවෙන් බවද ඇය කියා සිටියි.

පසුගිය කාලයේ තමන් විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශයන් නිසා කිසිවකුගේ සිත් රිදුනේ නම් සමාව م ඉල්ලා සිටින බවද ඇය එම අවස්ථාවේදී මාධ්‍ය අමුතමින් පැවසුවාය.