Spread the love

ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව හෙක්ටයාර 01ක් සඳහා රුපියල් 15000 බැගින් ලබාදෙන බව පැවසීය.

එම සහනාධාරය වී වගාව සඳහා මඩ පොහොර මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කළ හැකිය.

මේ අතර ධීවරයින්ට හිමි ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු මේ වනවිට එක් රැස් කරමින් සිටියි.

ඒ අනුව භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් සහ ඩිසල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බව පැවසීය.

ධීවරයින්ගේ තොරතුරු රැස්කිරීමෙන් පසුව එම සහනාධාර මුදල් ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා බව ලේකම්වරයා පැවසීය.

මේ අතර ලබන 15 වැනි දා සිට මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.