හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2022 මාර්තු 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවෙසට යන මාර්ගය වන මිරිහාන පැඟිරිවත්ත මාර්ගයේ රැඳී සිට උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පහරදී ප්‍රකෝප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීමට සුගීෂ්වර බණ්ඩාර මහතා එලෙස කැඳවා ඇත.
එලෙස පහර කෑමට ලක්වූ 12 දෙනකු තම මානව අයිතිවාසිකම් කඩ වූවා යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
සුගීෂ්වර බණ්ඩාර මහතාට මීගමුව පොලිසියෙන් ඒ බව දැනුම් දුන් බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි