Spread the love

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

‘දරුවන් රැකගමු – සමසේ සලකමු’ යන්න මෙවර ළමා දිනයේ තේමාව බවයි සඳහන් වෙන්නේ.

ලෝකය ළමයින්ට බවත් ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩනඟමු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ​ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

කයින් මනසින් මෙන්ම ආධ්‍යාත්මයෙන්ද නීරෝගි සුපසන් ළමා පරපුරක් බිහි කිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වාභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සලකා ඉටු කිරීමට කැපවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.