Spread the love

හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි 8.15ට පමණසිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි

එලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සැකකරයි.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.