Spread the love

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයත් ජයග්‍රහණය කර මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යා යුතු බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ සඳහන් කරති.

අගමැති හරනි අමරසූරිය මහත්මිය දළදා වහන්සේ වහන්සේ වැද පුදාගෙන මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මෙම අදහස් පළ කළහ.

මෙරට ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් දිළිඳුකම වැඩි වූ විට අපරාධ වැඩිවෙන බවත් පැවසූ උන්වහන්සේ දැනට වැසී ගොස් ඇති කර්මාන්ත යළි ආරම්භ කළ යුතු බවද කියා සිටියහ.

මෙරට රාජ්‍ය නිලධාරීන් කලින් වැඩ නොකළ බවද පැවසූ උන්වහන්සේ නායකත්වය සෘජුව යන විට අනෙත් කට්ටියත් ඒ විදිහටම යන බවත් පාලකයා නරක් වුවොත් අනෙක් අයත් එසේම බවත් තවදුරටත් පැවසූහ.