Spread the love

එළවළු මිළ කැපී පෙනෙන ලෙස අඩුවී ඇතිබව වෙළදුන් පවසයි.

එම තත්වය පසුගිය දින කිහිපයේ කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.

ඒ අනුව කැරට් 01kg රුපියල් 280 ක මිලක පවතියි.

බොංචි 01kg රුපියල් 320 කටත්, ගෝවා 01kg රුපියල් 340 ක මිලකට අලවි වෙයි.

තක්කාලි 01kg රුපියල් 200 කට අලවි වන අතර ලීක්ස් 01kg රුපියල් 300 කට මිලකට අලවි වන බව වෙළදුන් පවසයි.

බණ්ඩක්කා 01kg රුපියල් 90 කට අලවි වෙයි.

වැටකොලු 01kg රුපියල් 240 කටත්, පතෝල 01kg රුපියල් 200 ක මිලක පවතියි.

වට්ටක්කා 01kg රුපියල් 60 කට සහ අමුමිරිස් 01kg රුපියල් 400 කට අලවි වන බව වෙළදුන් පවසයි.

ඉදිරියේ තවදුරටත් එළවළු මිල අඩුවනු ඇතිබව වෙළදුන් වැඩිදුරටත් පවසයි.