Spread the love

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනලදී.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඊ​යේ (27) ජනාධිපති කාර්යාලයේ දී ​භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගෙන ඇති අතර ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයකු ද වෙයි.