Spread the love

නීති විරෝධිව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු නිලධාරීන් පවසයි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවද රේගුව සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවද වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.