Spread the love

09 වන පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවා හැරීම හේතුවෙන් නවක මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප අහිමි වී ඇත.

මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර 05ක කාලය සම්පූර්ණ විය යුතු අතර 09 වන පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු 08 වනදා අවසන් වීමට නියමිතය.

වසර 05 සම්පූර්ණ කරන මන්ත්‍රිවරයෙකුට මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් එනම් රුපියල් 21,000 කට ආසන්න මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිවන අතර වසර 10ක් සම්පූර්ණ වන මන්ත්‍රිවරයෙකුට මන්ත්‍රි වැටුපෙන් තුනෙන් දෙකක මුදලක් හිමිවිය.