Spread the love

ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ දෙවන මනාපය ගණන් කිරීමට පෙර සමස්ත අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ඡන්ද 5,634,915 ලබා ගනිමින් 42.31% ක ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක වාර්තා කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.

එසේම ඡන්ද 4,363,035 ක් ලබාගෙන 32.76% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දෙවන ස්ථානය ලබාගෙන ඇති බවද සඳහන්.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ක් ලබාගෙන 17.27% ක ප්‍රතිශතයක් වාර්තා කර 3 වන ස්ථානයේත්, ඡන්ද 342,781 ක් ලබාගෙන 2.57% ක ප්‍රතිශතයක් වාර්තා කර නාමල් රාජපක්ෂ 4 වන ස්ථානයේ පසුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

ජනාධිපතිවරණයේ දෙවන මනාපය ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.