Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගෙන වසර තිහක් මේ රට පාලනය කරනු ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරණය වෙනුවෙන් රත්නපුරේදී පැවති ජනරැළියක් අමතමින් උන්වහන්සේ මේ අදහස් පළ කළහ.

පසුගිය කාලේ බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය ගහගෙන පාර්ලිමේන්තුවට ගියා. නමුත් අද එයින් බොහෝ පිරිසක් දේශපාලන වශයෙන් වෙනත් කඳවුරක ඉන්නවා. මේ රට අනුරට භාරදෙන්න කියලා අනුර කුමාර දිසානායකම කියනවා. රට අනුරට කියලා ගහලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂ හදලා තියෙන ලයිට් කණුවේ. මගේ රට ආපස්සට ඇද දැමූ පුද්ගලයා ජනාධිපතිකම ඉල්ලනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව වසංගත ආවා. ආර්ථික වශයෙන් අර්බුදයක් ආවා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ක්‍රියාදාමයක නිරත වුණා. ඔවුන් බලය ගන්න වෙනම අරගල කලා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පීහිටි නිවසට පහර දුන්නා. ඔවුන් මේ රට වැට්ටුවා.

පොහොට්ටුවේ ඉන්නේ දහම් පාසල් ගිය, සංස්කෘතිය අගය කරන පිරිසක්. පරණ කණ්ඩායම අමතක කරලා අපි අලුත් කණ්ඩායමක් සමග ඉදිරියට ගමන් කරනවා. මේ වගේම නාමල් රාජපක්ෂ අවුරුදු තිහක් මේ රටේ ජනාධිපතිකම කරනවා. ඒක කරන්න අපිට පුළුවන්. නමුත් අපේ කට්ටිය සද්ද නැතුව ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ ඒ චන්ද සියල්ලම ඒ අයගේ කියලා. මේ රට රැක්ක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අපි හිටගන්නවා.

මේ රටේ ආදරණීය මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි. මේ රට තිස් වසරක යුද්ධයකින් පෙලුණු රටක්. අහිංසක රණවිරුවන් පෙට්ටියෙන් ගමට ආවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට අපිට ලැජ්ජාවක් නැහැ. අපිව දාලා ගිය කණ්ඩායම නැවත පාර්ලිමේන්තු නොයවන්න අපි වගබලා ගතයුතු වෙනවා