Spread the love

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි.

අයිඩෘස් මොහමදු ඉල්යාස් මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන්නද, එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස්ගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසමයි වැඩිදුරටත් පැවසුවේය.