Spread the love

ආසන්න සමානතාවයකින් යුත් ප්‍රශ්න තුනක් සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වි‍ද්‍යාශයට පෙර දින එනම් 2024 සැප්තැම්බර් 14වන දින යම් යම් ප්‍රදේශ වල පාකවජඃ කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ දෙපාර්තමේන්තුව එසේ සංකච්ඡා වූවා යැයි සැළකෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය හා විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ප්‍රශ්න පත්‍රය සකස් කරන ලද පරීක්ෂක මණ්ඩලය සමග දීර්ඝ සංකථාවක් විභාග දෙපාර්තමේන්තුවේදී පැවතුණි.

එහිදී, එසේ සාකච්ඡා වුවා යැයි සඳහන් ප්‍රශ්න පත්‍රය තුළ පසුගිය ශිෂ්‍යත්ව විභාය ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න කිහිපයක් සහ මෙවර පැවති විභාගයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න තුනක් ද ඇතුළත්ව ඇති බැව අනාවරණය විය.

විභාගයට පෙර මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රය සීමිත පිරිසක් අතර සාකච්ඡාවට බඳුන්ට ඇති බැවින් ඉන් යම් සීමිත සියූ පිරිසකට විශේෂ වාසියක් අත්විට මෙන් සු බහුතර සිසු පිරිසට අගතියක් සිදු වීම වැළැක්වීම සඳහා එසේ සාකච්ඡා වී ඇති ප්‍රශ්න පිළිබඳව සියුම් ලෙස සළකා බැලියමෙන් අනතුරුව පිළිතුරු පත්‍ර ඇගයීමේදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් කටයුතු සිදු කිරීමට තීරණය කරන ලදී.

තවද, විභාගයට පෙර මෙම ප්‍රශ්න බාහිර පාර්ශ්වයන් වෙත පිට වුවාද යන්න සොයා බැලීම සඳහා මේ වන විටත් දෙපාර්ත ගමන්තුව මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර විමර්ශන කණ්ඩායම් අදාළ ප්‍රදේශ වෙත ගොස් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.

එහිදී යම් අක්‍රමිකතාවයක් පිළිබඳව අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් විභාගයට පෙනී සිටි කිසිදු අපේක්ෂකයකුට අසාධාරණයක් සිදු නොවන ස් කටයුතු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද වැඩි දුරටත් දන්වා සිටි.