Spread the love

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර ඇති අතර ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 14 වනදායින් අවසන් කෙරිණ.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු සිටීනම් හෙට සිට ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා තෙක් තමන්ට අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.