Spread the love

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙන බවයි .

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර ඉල්ලා සිටින්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු නොකරන ලෙසයි .

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු පෙනී සිටින බවත්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී විභාගය පැවැත් වෙනවා.