Spread the love

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය දෙනවාට වඩා හතර වසරේ සිටින තමා කුඩා පුතාට ඡන්දය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාවතගම ජන රැලිය අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

මේක රටේ තීරණාත්මක මැතිවරණයක් වෙනවා. අපේ රටේ විධායක ජානධිපතිවරු කිහිපදෙනෙක් සිටියා. නමුත් ඔවුන් මතකයි. ඇමැතිවරු, විපක්ෂ නායකවරු, මන්ත්‍රීවරු අමතකයි. අපි. පත්කරන ජනාධිපතිවරයා යටතේ තමයි මේ රට තිබෙන්නේ. ඇමැතිවරයාගේ ඇමැතිකම ඉවත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. ජේ.ආර් ජයවර්ධන ජනාධිපති වෙලා 1983 වසරේ දී කළු ජුලියි ඇති කළා. සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා හමුදාවේ මිනී 6 ක් බොරැල්ල කනත්තයට ගෙනවිත් ආදාහනය කළ අවස්ථාවේ දෙමල ජනතාව මරා දමන්න ඔවුන්ගේ වෙළඳසල් ගිනි තබන්න කටයුතු කළා. එයින් පසුව නායකයින් කටයුතු කළ ආකාරය අපි දන්නවා. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජායට පත්වූ පසුව මෛත්‍රීපාල සිරිසේන් මහතා බලයට ආවා.