Spread the love

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වෙනුවෙන් මේ වන තෙක් කිසිඳු ආදේශක පුද්ගලයෙක්ද නම් කිරීමක් සිදු කර නොමැති බව රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.

අද (28) පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් 39 දෙනා අතරින් මේ වන විට අඩුමතරමින් කුඩා රැස්වීමක් හෝ පවත්වා ඇත්තේ අපේක්ෂකයින් 15 දෙනෙක් පමණක් බව ද වැඩි දුරටත් ඹහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති ඉතිරි පුද්ගලයින් 23 දෙනාගෙන් තිදෙනෙක් සම්බන්ධ කර ගැනීමට හෝ ඔවුන් ලබාදී ඇති දුරකථන අංක හෝ නොමැති බවත් ඉන් පුද්ගලයින් 5 දෙනෙකුට අඩුම තරමේ සමාජ මාධ්‍ය ගිණුමක් හෝ නොමැති බවද මංජුල ගජනායක සඳහන් කළේය.

එසේම ඉන් පුද්ගලයින් තිදෙනෙක් තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට හෝ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි මංජුල ගජනායක වැඩිදුරටත් සඳහන් කළේ.