Spread the love

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් ඊයේ (27) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී, ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, සිය නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබා දුන් සහයෝගයට ස්තූතිය පළකළ අතර ඉදිරි ජනාධිපතිවරණය 2022 දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබා දෙන බව පෙන්වාදී ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජයේ පූර්ණ කැපවීම ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවත් මැතිවරණවලට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ කොමිෂන් සභාව බවත් පෙන්වා දුන්නේය. ආණ්ඩුව අයවැය අවශ්‍යතා ප්‍රතිපාදන ලබා දී ඇති අතර ඉතිරිය කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුව ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.