Spread the love

ඉදිරි කන්නයේදී වී ගොවීන් සඳහා ලබාදෙනසිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ස දක්වා ඉහළ නැංවීමට නියමිතය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.

මේ අතර අද දිනයේ සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.