Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ලක්ෂ 21 ක් ලබා ගනු ඇති බවද, අනුර කුමාර දිසානායක ලක්ෂ 23 ක් ලබා ගනු ඇති බවද, සජිත් ප්‍රේමදාස ලක්ෂ 37 ක් ලබා ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

දැනටමත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ 69 ලක්ෂයක ඡන්ද පදනමෙන් ලක්ෂ 19ක් පමණ අඩු වී ඇති බැවින් දැනට ඉතිරිව පවතින ලක්ෂ 50න් අනෙක් පක්ෂවලට කෙතරම් අය පැන ගියද තව ලක්ෂ 10ක් උපරිම ලෙස අඩුවනු ඇති බවත්, ලක්ෂ 40ක් නාමල් රාජපක්ෂ සමඟ සිටිනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ලක්ෂ 40 ක ඡන්ද පදනමකින් ජනාධිපතිවරණ සටන ආරම්භ කරන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවයි ඔහු අවධාරණය කළේ.