Spread the love

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.

ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද හෙතෙම පැවසුවේය.

නමුත් එසේ නොවුවහොත් පළමු සහ දෙවැනි අපේක්ෂකයන් ඉතිරි කර දෙක දෙක හා තුන්වන මනාප ගණන් කිරීම සිදුකරන බවද ඔහු කියා සිටියේය.