Spread the love

ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට එන සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් දුඹුරු සීනි මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බවට තොරතුරු හෙලවි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් සිදුකොට ඇත.

අදාළ ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කෙරෙයි.

එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා තුළ තිබූ සීනි ඉන්දියානු දුඹුරු සීනි ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

මෙලෙස මිශ්‍ර කරන ලද දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක පමණ මිලකට අලෙවිකර ඇති බවද නිලධාරීන් පවසයි.

සුදු සීනි කිලෝවක් රුපියල් 240 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310 බැගින් අදාළ ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇති බවට ද හඳුනාගෙන තිබේ.