Spread the love

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන්  22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 17 දෙනෙකු ඊට අයත් ය.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරේ.

එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය.