Spread the love

ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයකුගේ ගමන් බෑගයේ සගවා තිබී රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඅඩංගුවට ගත් රන්බිස්කට් තොගයේ රන්බිස්කට 16 ක් තිබු බව රේගු නිලධාරීන් පවසයි.

අද (13) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ඩුබායි සිට මෙරටට පැමිණි ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම රන් බිස්කට් රැගෙන විත් තිබුණි.

ඔහු මෙම රන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02ක් ලෙස සකස් කර ඔහු රැගෙන ආ පැති බෑගයක සහ ගුවන්තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති ට්‍රොලියක යට අලවා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට සූදානම් වී තිබුණි.

සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂන රේගු නිලධාරී සිදු කරයි.