Spread the love

නිමල් රාජපක්ෂ

මිරීගම සුරාබදු බලප්‍රදෙශයේ නීති විරෝධී මත්පැන්, මත්කුඩු ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටුකර අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බීඩි , රා නිෂ්පාදනාගාර වලින් බදු ආදායම් එකතු කොට රුපියල් කෝටි පහකට වැඩි බදු ආදායමක් රජයට ලබා දිමට සමත්වු බව මීරිගම සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක වයි.ඒ .එස් පී යාපා මහතා පවසයි.


ගතවු මාස හයතුළ කළ මෙම සෝදිසි මෙහෙයුම් තුළින් සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ හා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් ලක්ෂ පනහකට වැඩි දඩ ආදායමක්ද, බීඩි නිෂ්පාදනාගාර වලින් රුපියල් තුන්කෝටි තිස්පන් ලක්ෂ තිස් එක්දාස් පන්සිය විසි හයක බදු ආදායමක්ද ,බෝතල් රා නිෂ්පාදනාගාරය තුළින් මේ හය මාසය තුළ රුපියල් එක්කෝටි නමලක්ෂ එක්දාස් එකසිය විසි පහක බදු ආදායමක්ද එකතු කර ගැනීමට මිරිගම සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.


මෙම සෝදිසි මෙහෙයුම් තුළදි මත්පැන් පෙරීම්, ගෝඩා වැටලිම්, නීති විරෝධී කසිප්පු, බීඩි , රා සහ විදේශ මත්පැන් වැටලිම් සිදු කිරීමට පියවර ගෙන තිබිණ‍
පාසල් දරුවන් මත් උවදුරින් බේරා ගැනීම සදහා විටින් විට පාසල් තුළට ගොස් දැණුවත් කිරීමේ වැඩ සටහන් දියත් කිරීමට පියවර ගත් බවද පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු මීරීගම සුරාබදු ස්ථානාධිපතිවරයා ,

වීඩියෝව නරඹන්න ,