Spread the love

හැකිනම් වතු කම්කරුවන්ගේ ජන්දය ලබාගෙන පෙන්වන ලෙසට තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිම සම්බන්ධයෙන් කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන්ගේ අනුමැතිය ලබා ගැනිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදිය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සහ මනුෂ නානායක්කාර කොටගල ප්‍රදේශයට ඇවිල්ලා සිංහයා වගේ කිව්වා වතු කම්කරුවන්ට රු 1700 වැටුප් වැඩි කරනවා කියලා.

අපිත් සතුටු වුණා නමුත් තවම වැටුප හම්බවෙලා නැ, වතු සමාගම් දෙන්න බැ කියනවා, දැන් වැටුප් නැති නිසා ජන්දය නැ ඒ අයට, දැන් බෝලේ පාස් කරනවා මට.

මමලු වතු සමාගම් වලට වැටුප් වැඩි කරන්න එපා කිව්වේ කියලා, මේ සියල්ල බොරු, වතු කම්කරුවන් දැන් බුද්ධිමත්, ජනතාව රවට්ටලා ජන්දය ගන්න බැලුවේ මේ අය.

මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා පුළුවන් නම් වතු කම්කරුවන්ගේ ජන්දය අරගෙන පෙන්වන්න, ජිවන් තොණ්ඩමන්ගේ පාක්ෂිකයන් දෙයි ඕනි නම් යනුවෙන් පැවසිය.

මෙම රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එම්.උදයකුමාර් මහතා ඇතුළු එම පක්ෂයේ සමාජිකයන් රැසක් සහභාගි විය.