Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගියදා පැවැති අවසන් පළාත් සභාවට තේරී පත් වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයක දීම මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර පළාත් සභා සංසදයේ ප්‍රධානියකු මෙම සාකච්ඡා වල මූලිකත්වය ගෙන ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය ලබා දී ඔහු ජයග්‍රහණය කරවීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා කැමැති කරවා ගැනීම මෙහි අරමුණ වී ඇති බව ද දැනගන්නට ඇත.

පළාත් සභා වසර ගණනාවක සිට අකර්මණ්‍ය වී තිබීම හේතුවෙන් අදාළ පළාත් වල සංවර්ධන වැඩ කටයුතු අඩාල වී තිබීම හේතුවෙන් පළාත් සභා යළි බලගැන්වීම මෙම මන්ත්‍රීවරුන්ගේ අරමුණ වී තිබේ.