Spread the love

..

    නිමල් රාජපක්ෂ 

සිංගප්පූරුවේ සිට අද[10 ]පෙරවරු 1ට පමන කටුනායක ගුවන් තොටට පැමිනි SQ 468 දරණ ගුවන් යානයෙන් පැමිනි ගුවන් මගියෙක් සතුව තිබූ සජීවී මසුන් තොගයක් අඩංගුවට ගැනීමට රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත .  
අදාල මගියා විසින් නීති විරෝධීව ගෙන ආ මෙම මසුන් තොගය රේගුවට  ප්‍රකාශ නොකර ගුවන් තොටුපොලෙන් පිටත් කිරීමට තැත් කිරීමේදී මසුන් හා ඉබ්බන් 365ක්  මෙලෙස රේගුව මගින්   අත්ඩංගුවට ගත් බව රේගු මාධ්‍යප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි .



සැකකාර මගියා තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක ශ්‍රී ලාංකිකයෙක්.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන රේගුව මගින් සිදුකරමින් පවතී.