Spread the love

ඉදිරි ජනාධිපතිවරණයදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති කිහිපයකට පෙර තමන් සමග පැවසූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

පක්ෂය වෙන තීන්දුවක් ගතහොත් තමන්ට ස්වාධීනව තීන්දුවක් ගන්නා ලෙසද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

චමල් රාජපක්ෂ මහතා සිටින්නේද එම අදහසේම බවත් අමාත්‍යවරයා කියා සිටී.

පක්‍ෂය වෙනම පියවරක් ගන්නේ නම් ඊට මුහුණ දීම සඳහා විකල්ප වැඩ පිලිවෙලක් දැනටමත් සූදානම් කර අවසන් බවද හෙතෙම පැවසුවේය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.