Spread the love

රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති මතබේදයේ දිගුවක් ලෙසයි.

එම රාජ්‍ය අැමතිවරුන් තුන්දෙනා මේවන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දරන වෙනම අපේක්ෂකයෙකු ගෙන එන ස්ථාවරයේ නියෝජනය කරමින් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින අතර ඊට සමගාමීව මෙම අමාත්‍යවරුන් සිය දුරු වලින් ඉල්ලා අස්වනු ඇත.