Spread the love

                ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව දිස්ත්‍රික් නායකයින් පත්කරයි           අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැරූ ගම්පහ දිස්ත්‍රික් නායකයත්වය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට ලබාදී ඇත.             එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉවත් කර නව අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ලබාදී ඇත්තේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටයි.       

අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැරූ මාතර දිස්ත්‍රික් නායකත්වයට පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතායි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා දැරූ ගාල්ල දිස්ත්‍රික් නායකත්වය රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට ලබාදී ඇත.