Spread the love

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලබන අසාමාන්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ නුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් අගෝස්තු මස ප්‍රවර්ධන සමාරම්භක උත්සවය සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රාදේශිය සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී කාර්යාලය කේන්ද්‍ර කරගෙන ඊයේ (03) පැවැත්විනි.

මෙම ව්‍යාපෘතිය යටතේ අසාමාන්‍යතා සහිත සංවර්ධනය නොවූ දරුවන් හදුනාගෙන පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර සේවාවන් ලබාදී එම දරුවන්ගේ මනස දියුණු කර ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලබයි. දැනට මෙම ව්‍යාපෘතිය කොළඹ, ගම්පහ, නුවර, මඩකළපුව සහ කළුතර වශයෙන් දිස්ත්‍රික්ක 05ක ක්‍රියාත්මක වේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන තව තවත් ජනප්‍රිය කිරීමේ අරමුණින් අගොස්තු ‌මාසය “Include Month” ලෙස නම් කරමින් එහි සමාරම්භක ප්‍රවර්ධන වැඩසටහන ඊයේ (03) දින ක්‍රියාවට නංවනු ලැබීය.

සංවර්ධනය ආශ්‍රිත යම් කිසි ගැටළු සහිත දරුවන්ට සේවා සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යාංශය අවධානය යොමු කරමින් 2020 වසරේ “අන්තර්කරණ මුල් ළමාවිය වැඩසටහන”(Inclusive Early Childhood Development programme) නමින් මෙම වැඩසටහන ආරම්භ කරන්නට යෙදුන අතර, මෙහිදී සියළුම දරුවන්ට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් සමග සංවර්ධන ප්‍රමාදයන් හෝ සංවර්ධන ගැටළු සහිත දරුවන්ට තවදුරටත් ප්‍රතිකාර සේවාවන් කොටසක් සැපයීමට කටයුතු කරනු ලබයි. ඒ සදහා විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරු, භෞතවේද, භාෂා කථනවේද සහ වෘත්තීයමය චිකිත්සක ඇතුලු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර, එමගින් ඉහත දරුවන් ඇගයීමකට ලක් කර, ගැටළු හදුනාගෙන ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ මොළය සංවර්ධනය කිරීමට අදාල උපදෙස් දෙමාපියන්ට ලබාදෙනු ලබයි.

සෑම පුද්ගලයෙකුගේම සම්පූර්ණ අනන්‍යතාවය රඳා පවතින්නේ එම පුද්ගලයාගේ මොළය මත වන අතර, මොළය සංවර්ධනය සියයට 80 ක්ම සීඝ්‍රයෙන් සිදුවන්නේ උපතේ සිට පළමු වසර 03 තුළවේ ‌මෙම කාලය තුළ දරුවන් රැකබලා ගැනීම, සංවර්ධනයට අවශ්‍ය පාරිසරික සාධක ලබාදීම සහ සංවර්ධනයේ යම් කිසි ගැටලු, ප්‍රමාදයන් තිබෙනවා නම් එවා හදුනා ගැනීමටත්, දෙමාපියන්ගේ සහ ප්‍රජාවගේ විශේෂ අවධානයක් තිබිය යුතුය. එමගින් ඉහත ගැටලුව නිරාකරණය කර ගත හැකි වනු ඇත.

 

wetransfer link

https://we.tl/t-TyZoTfBRL8