Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සඳහා සජිත් පේ‍්‍රමදාස, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් රහසිගත කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

මෙම පිරිස දවස් කීපයක් තිස්සේ හමුවී මෙම සාකච්ඡාව සිදුකර ඇති බවද ඔහු කියා සිටී.

එහි අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර පොදු ජන පෙරමුණට විපක්ෂයේ බලය ලබා ගැනීම බවද හෙතෙම පවසයි.

කෙසේ වෙතත් නැවත අත්හදා බැලීමේ අවස්ථාවක් මෙරටට නැති බවද පැවසූ ඔහු බැරිවෙලා හෝ ගැස්සී ගියහොත් පෙට‍්‍රල් ලීටරය රුපියල් පන්දහසකටත් පොහොර මිටියත් රුපියල් පනස්දහකටත් ඉහළ යනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින් එ් මහතා මෙම අදහස් පළ කරන ලදී.