Spread the love


නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර .පවසයි.

බිත්තර ආනයනය කිරීමේ රජයේ තීරණයට හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ .

ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.