Spread the love

මහාබාගේදි පොලිස් රථවාහන අංශයේ පොලිස් සැරයන් වරයකු රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේ දී ලබා ගනිද්දී අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ(02) දහවල් 2.40 ට පමණ මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි

උස්වැටකෙයියාව ප්‍රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිකරු යුක්තියේ මෙහෙයුමේ දී අයිස් විකුණන බවට නම ඇතුළත් බවට හා එම නම ලේඛනයෙන් ඉවත්කර දීමට මෙන්ම පැමිණිලිකරුගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් සහ පැමිණිකරුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩසලසා දීම වෙනුවෙනුත් එම මුදල ඉල්ලා තිබේ.