Spread the love

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් නායයෑමට හසුවී අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනතුරට පත් පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම්වලට පවා දැඩි බාධා එල්ල වී ඇත.

මියගිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් අනතුරු අඟවයි.

සෝදිසි මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් මේ වනවිට යොදවා ඇතැයි වාර්තා වේ.