Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු වුවද වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඉන් බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ ඔහු අපේක්ෂකයෙක් වුවද වත්මන් විධායක ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවැත්වීමට උචිත වාතාවරණය සැකසීමට ජනාධිපතිවරයාට බලය ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.