Spread the love

2030 වසර වනවිට රටෙහි පුනර්ජනනීය බලශක්තිය 70% දක්වා වර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට දායක වෙමින් මෙගාවොට් 20ක සූර්ය බල ශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා, ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත්  ත්‍රිකුණාමලය, කප්පල්තුරේ  ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 43 ක ඉඩම් ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.

තිස් (30) අවුරුදු බදු පදනම මත ලබා දි ඇති  මෙම ඉඩම් ප්‍රමාණයෙන් මසකට රුපියල් මිලියන 1.75 මුදලක් ආදායම් වශයෙන් ලැබෙන බව  ශ්‍රි ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි. මෙම ව්‍යාපෘතියට අදාල ගිවිසුම  ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රි ලාංකික​ සමාගමක් වන​ “සීලෙක්ස් රිනිව්වබල්ස්” සමාගමෙහි අනුසමාගමක් වන “සන් ස්කේප්” (Sun Scape) ව්‍යාපෘති සමාගම විසින් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  අත්සන් කරන ලදී. වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණ.