නිමල් රාජපක්ෂ –
බංගදෙනිය සිට කොළඹ කොටුව බලා ධාවනයවු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කළ මගීන් 20 දෙනෙකු කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 8 දෙනෙකු සිිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතා පවසයි.
ප්‍රවේශපත්‍ර පරික්ෂාව පෙරවරු 7.00 රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා සිදු කළහ.
මෙහිදී අත්අඩංගුවට ගත් මගීන් ගෙන් ඒ මොහොතේම 17 දෙනෙකුගෙන් රුපියල් 50660 / දඩ මුදලක් අයකර ගත්හ . ඉතිරි මගීන් තිදෙනා ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි බැවින් ඇපකර තබා ගොස් තිබිණ.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත , සහකාර ආරක්ෂක අධිකාරි කරුණානායක මහතාගේ අධිික්ෂණය යටතේ , කොටුව මෙහෙයුම් ඒකකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් , සැරයන් වරුන්වන ප්‍රියන්ත , පුෂ්පකුමාර , ආරක්ෂක නිලධාරීන් වන ලලිත්,රණසිංහ,ගුනරත්න ,හේරත්,කාන්තා ආරක්ෂිකා,සේපාලිකාවන්වන , වෙරගොඩ,මධුවන්ති හා දුරංගි ඇතුලු නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.