පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී විශේෂ ප්රරකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන්ඊයේ පැවැති සාකච්ජාවේදි අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද, ඒ හේතුවෙන් හෙට දිනයේ තවත් සාකච්ඡාවක් පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.