Spread the love

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණිමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ආර්ථිකයේ වර්ධනයට බාධාවක් නොවන අයුරින් එළැඹෙන මැතිවරණ සමය ගෙවී යනු ඇතිබව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය නිදහස් කරගැනීමට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් වූ පසු තුන්වැනි සමාලෝචනයට සූදානම්විය යුතුය.

නමුත් ලබන සතියේ පැවැත්වෙනුයේ තුන්වැනි සමාලෝචනයට අදාළ දුත මණ්ඩල සාකච්ඡාවක් නොවන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.