සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75 ත් අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 15ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 84 සහ 91 ත් අතර මුහුද ප්‍රදේශවල )ඉතා ද සුළං ( පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම මුහුද ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා ඇත..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව දැනුම් දී තිබේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.