Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු සඳහන් කරන්නේ තමන් අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අත්හිටුවන ලද්දේ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන්නේ ජනතාව අතරේ මතයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් බවයි.

නමුත් එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කිසිවකු වෙනත් මතයක සිට කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵලද ඔවුන්ම බාරගත යුතු බව අමාත්‍යවරයා කියා සිටී.

අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන්නැයි තමන් අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බවද හෙතෙම තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අදාල ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා