Spread the love

බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 105ක් මියගොස් ඇතැය ඇති අතර ඇදිරි නීතිය පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රට පුරා පැතිර ගොස් ඇති නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමත් සමගින් , ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා ඇත.

රජයේ රැකියා ලබාදීමේ විශේෂ කෝටා ක්‍රමය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් මෙම සිසු විරෝධතා ආරම්භ කළ බවයි සඳහන් වන්නේ