Spread the love

මුල්කිරිගල ගුණරත්න

වලස්මුල්ල හඳුගල ශ්‍රී විඡයාරාම විහාරස්ථානයේ ඇසළ මහා පුඡෝත්සවය හෙට ( 20 සිට 26) දක්වා අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ .

මහා තොරන් රාජයා සහිත භක්ති ගීත , සල්පිල් , රෑකඩ , මල් වෙඩි හා පහන් කුඩු වලින් සමන්විත වන අතර සෑම දිනකම බෝධි පුඡා හා ධර්ම දේශනා පැවැත්රවෙයි.

ඡුලි මස 26 වන දින උඩ පහත සබරගමු අලි ඇතුන්ගෙන් සමන්විත රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කෙරෙන බව හඳුගල ශ්‍රී විඡයාරාම විහාරධිකාරී හඳුගල විද්‍යාලයේ ධර්මාචාර ශ්‍රාස්ත්‍රපති දෙයියන්දර ධම්මරතන හිමියන් පැවසුහ.